30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ

බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ

පිළියන්දල – හල්පිට ප්‍රදේශයේ හෝටලයක් පිටුපස බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (15) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බොල්ගොඩ ගඟේ මාළු ඇල්ලීමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුවයි පොලිසිය මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ ඇඳ සිටි කලිසමේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනය ඔස්සේ මොහු හඳුනාගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි පිළියන්දල පොලීසිය සඳහන් කළේ.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.