30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපාන අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්

ජපාන අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්

ජපාන අග්‍රාමාත්‍ය සුමියෝ කිසිඩාට දුම්බෝම්බ ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.

වකයාමා ප්‍රාන්තයේ සයිකසාකි ධිවර වරායේ දි අද (15) එල්ලවූ මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට කිසිදු හානියක් වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින අතරතුරයි මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබුණේ.

සිද්ධිය සමිබන්ධයෙන් වයස අවුරුදු විස්සත් තිහත් අතර පුද්ගලයෙකු ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ ජුලි මාසයේ දි හිටපු අග්‍රාමාන්‍ය ෂින්සෝ අබේ ද රැස්වීමක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත්වුණා.