24.5 C
Colombo
Wednesday, December 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනකු මුම්බායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනකු මුම්බායි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

ගුවන් යානා අවසර පත්‍රය හුවමාරු කර ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනෙකු මුම්බායි පොලිසිය විසින් ඉන්දිය ජාත්‍යන්තර ගුවන්තොටුපලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට ගමන්ගත් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඔවුන් ඉන්දියාවේ මුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වැසිකිලියක දි ලන්ඩනයට සහ කත්මන්ඩු බලා යාමට සිය අවසර පත්‍ර හුවමාරු කරගෙන ඇති බව විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටවීමේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ගුවන් සේවා සමාගමේ නිලධාරියෙකු විසින් හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන වලදි අනාවරණ වී ඇත්තේ ඔහුගේ අවසර පත්‍රයේ මුද්දර අංකය ද ව්‍යාජ එකක් බවටයි.