29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් රජය මෙරට ව්‍යාපෘති යළි ආරම්භ කිරීම ගැන උනන්දුවෙන්

ජපන් රජය මෙරට ව්‍යාපෘති යළි ආරම්භ කිරීම ගැන උනන්දුවෙන්

ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ පවසා තිබෙනවා.

ඇය මේ බව පවසා ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර පැවති හමුවකදීයි.

වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මෙම හමුව සිදුව තිබුණා.

එමෙන්ම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැපවී සිටින බව ද ඉමොටෝ සචිකෝ මෙහිදී පවසා තිබෙනවා.