සුඩාන හමුදා සහ පැරා මිලිටරි කණ්ඩායම් අතර ක්‍රියාත්මක ගැටුම් අතරතුර පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 180කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට කාර්ටූම් අගනුවර විවිධ පිරීම් ද වාර්තා වන අතර ජනාධිපති මන්දිරයට, හමුදා මූලස්ථානයට සහ රාජ්‍ය රූපවාහිනී ආයතනයට ද ප්‍රහාර එල්ල වී ඇත.
ගුවන්තොටුපොළේදී මගී ගුවන් යානයකට ද ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සුඩාන නායක ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන්ට පක්ෂපාතී හමුදා ඒකක සහ සුඩානයේ නියෝජ්‍ය නායක මොහොමඩ් හම්දාන් දගලෝ පාර්ශ්වය අතර බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් එම ගැටුම් නිර්මාණය වී ඇත.
ආරක්ෂක බලධාරීන් එරට ජනතාවට දැනුම්දී ඇත්තේ නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි.