26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙල්බන් හිදී පමා වූ ගුවන්යානය අද දිවයිනට

මෙල්බන් හිදී පමා වූ ගුවන්යානය අද දිවයිනට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන්තොටුපොළේ දී ඉකුත් පෙරේදා (15) දින කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.

මෙම යානයෙන් කුඩා දරුවන් 05 දෙනෙකු සමඟ ගුවන් මගීන් 218 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 17 දෙනෙකු පැමිණ ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 605 දරණ මෙම ගුවන් යානය අද (17) උදෑසන 07.40ට කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. මෙම ගුවන් යානය ඉකුත් 15 වන දින රාත්‍රී 10.25ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබුණ ද, එම ගුවන් යානය තුළ හට ගත් කාර්මික දෝශයක් හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කිරීමටයි කටයුතු කර තිබුනේ.

ඒ හේතුවෙන් එම යානයෙන් පැමිණීමට සිටි මගීන්ට මෙල්බර්න් ගුවන්තොටුපළේදී දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවුණා. පසුව මෙම ගුවන්යානය යථා තත්ත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පෙරේදා (15) රාත්‍රියේම ඕස්ට්‍රේලියාව වෙත ගොස් තිබුණා.

අනතුරුව අදාළ අලුත්වැඩියා කටයුතු කිරීමෙන් පසු මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එමටයි කටයුතු කර ඇත්තේ.