― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශය ශ්‍රී ලංකාවට ණය ගෙවන්න කල් දෙයි

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ණය ගෙවන්න කල් දෙයි

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල යළිත් ගෙවීමට දුන් කාලය මාස 06කින් දීර්ඝ කර තිබේ.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම වසරේ ජනවාරි 12 වැනිදා බංගලාදේශ මහ බැංකුව, බංගලිදේශ බැංකුව, ශ්‍රී ලංකාවට ලබාදුන් ණය යළි ගෙවීමේ කාලය දීර්ඝ කරනු ලැබීය.

ශ්‍රී ලංකාව එළඹෙන අගෝස්තු මාසය වන විට එහි පළමු වාරිකයද සැප්තැම්බර් මාසය වන විට එහි තවත් වාරිකයක්ද ගෙවීමට නියමිතය.