32.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorld11 දෙනෙක්ට දිවි අහිමි කළ අව් රශ්මිය

11 දෙනෙක්ට දිවි අහිමි කළ අව් රශ්මිය

අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගී වී සිටි පිරිසක් අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඒ අතරින් 11 දෙනෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබූ අතර ඊට සහභාගී වූවන්ට විජලනය සහ දැඩි අව් රශ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.