28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුදු සමයේ අනතුරුවලින් 185ක් ජාතික රෝහලට

අවුරුදු සමයේ අනතුරුවලින් 185ක් ජාතික රෝහලට

ගෙවී ගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ජාතික රෝහලේ නිලධාරියෙක් කියා සිටියේ එලෙස නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයන් 145ක් සහ කාන්තාවන් 40ක් සිටින බවයි.

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි හේතුවෙන් තුවාල ලබා ඇත්තේ එක් පුද්ගලයකු පමණක් වන අතර මත්පැන් භාවිතය හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම 13, 14 යන දෙදින තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 44 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිය දිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ලයන් දෙදෙනකුද රෝහල් ගතකර තිබේ.