― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතල්දෙනින් පැනගිය රැඳවියන් 09 දෙනාම අත්අඩංගුවට

තල්දෙනින් පැනගිය රැඳවියන් 09 දෙනාම අත්අඩංගුවට

බදුල්ල – තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පළාගිය රැඳවියන් නවදෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් අද (18) අලුයම් කාලයේ කඳවුර අවට ඇති වනාන්තරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී පලාගොස් සැඟව සිටි අවසන් රැඳවියන් තිදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස පළාගිය රැඳවියන් නවදෙනාගෙන් දෙදෙනෙක් ඊයේ (17) පෙරවරුවේ සහ තවත් සිව්දෙනෙක් ඊයේ දහවල් කාලයේ දී බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන්ගෙන්, රැඳවියන් 09 දෙනෙක් ඊයේ (17) අලුයම් කාලයේ ඉන් පළාගොස් තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගත් රැඳවියන් අද (18) බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.