27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුස්සියේදී 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල කපලා

කුස්සියේදී 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල කපලා

මහකනදරාව ප්‍රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පරීක්ෂණ පවත්වන කල්ලන්චිය පොලිසිය සඳහන් කළේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අංක 220, මහකනදරාව, දකුණු ඉවුර, රඹෑව ලිපිනයේ පදිංචිව සිටි චන්ද්‍රාවතී නැමැති 63 හැවිරිදි කාන්තාවක්.

කාන්තාව පදිංචිව සිටි නිවසට කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී ඇයගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එම අවස්ථාවේදී අදාළ කතාව රැඳී සිට ඇත්තේ මුළුතැන්ගෙය තුළයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුතෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි කල්ලන්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.