― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගිලන් රථ අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට

ගිලන් රථ අනතුරකින් පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට

හලාවත – කුරුණෑගල මාර්ගයේ පුලියන්කඩවර ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල දෙසට ධාවනය වූ ගිලන් රථයක් මාර්ගය හරහා පාපැදියක් තල්ලුකරගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ලක්වූ පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් මිය ගොස් ඇත්තේ මුගුණුවටවන – කොක්කාවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

බිංගිරිය ප්‍රාදේශීය රෝහලට අයත් ගිලන් රථය එම රෝහලේ සිටි රෝගියෙකු හලාවත මහා රෝහලට ගෙනවිත් භාර දී යළි බිංගිරිය බලා ගමන් කරමින් සිටින අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.