22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"මං ගැන තීරණ ගන්න කාදිනල්තුමා අගවිනිසුරු නෙවෙයිනේ"

“මං ගැන තීරණ ගන්න කාදිනල්තුමා අගවිනිසුරු නෙවෙයිනේ”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ අද (19) පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු නඩුවෙන් තමාට ගෙවීමට නියම වූ මුදල ගෙවීමට තමා සූදානම් බවයි.

එහිදී මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අසා සිටියේ “කාදිනල්තුමා ඊයෙත් කිව්වා ගෙව්වේ නැත්නම් අනිවාර්යයෙන් දැඩි නීතිමය පියවර ගත යුතුයි කියලා.” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ “එයා අගවිනිසුරු නෙමෙයි නේ. ඒවා තීන්දු කරන්නේ අධිකරණය නේ.” යනුවෙනි.