32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

මැතිවරණය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අප්‍රේල් 11 වැනිදායි.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ බවට කරුණ තවදුරටත් විසඳී නොමැති හෙයින් ඉහත සඳහන් නියමිත දින ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බැවින් එකී ඡන්ද විමසීම නැවත වරක් කල්දැමීමට සිදුවී ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.