25.6 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක්

මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක්

මෙරට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර කියා සිටියේ මැලේරියාව බහුලව පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයින්, මැණික් ව්‍යාපාරිකයින් සහ සාම සාධක හමුදා සහ පිටත්ව යන පුද්ගලයින්ගෙන් මැලේරියා රෝගය මෙරටට පැමිණෙනු ඇති බවයි වෛද්‍යවරිය අවධාරණය කළේ.

පසුගිය කාලසීමාව තුළ ආසියාවේ මැලේරියා රෝගීන් ලක්ෂ 6ක් පමණ මරණයට පත්ව ඇති අතර මෙරටින් පසුගිය වසර තුළ රෝගීන් 37දෙනෙකු හඳුනාගෙන ඇත.