― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිතුමතේට ඉන්ධනහල වසා දැමූ පොම්පකරු රිමාන්ඩ්

හිතුමතේට ඉන්ධනහල වසා දැමූ පොම්පකරු රිමාන්ඩ්

පාරිභෝගිකයන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන හල වසා යතුරුපැදියේ නැග පිටව යාමට සූදානම් වූ පොම්පකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

තමන් ඉන්ධන ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන ලබා නොදී පොම්පකරු ඉන්ධන හලේ විදුලිය විසන්ධි කර යතුරුපැදියේ නැඟ පිටවීමට සූදානම් වන බවට ඉන්ධනහලට යාබදව තිබෙන පොලිසිය වෙත දිව ආ පාරිභෝගිකයෙකු කරන ලද වාචික පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් ඉන්ධන හල ඉදිරිපිටට ගොස් සිදු කළ පරීක්ෂාවේ දී පොම්පකරු අධික ලෙස බීමත්ව යතුරුපැදිය පණගන්වා පිටත්ව යාමට සූදානම්ව වෙමින් සිටි බව පොලිසිය කියයි.

ඒ අනුව බීමත්ව යතුරුපැදියක් පැදවීමට තැත්කළ පොම්පකරු අත්අඩංගුවට ගෙන රැගෙන ආ බව පොලිස් නිළධාරියෙකු පැවසුවා. දිවා රාත්‍රියේ විවෘත කර තිබිය යුතු ඉන්ධන පිරවුම්හලක් වශයෙන් නම්කර තිබෙන පිළියන්දල සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් නිසියාකාරව පාරිභෝගිකයන්ට සේවය ලබානොදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිල්ල අනුව සුළු පැමිණිලි අංශය මගින් වෙනම විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළඹෙන 25 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය හා පොලිස් අධිකාරි ජනක පුෂ්පකුමාර යන අයගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනැන්ඩෝගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.