25 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා තිබෙනවා.

මේ අනුව ලබන 25 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ යි. එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදා කෝප් කමිටුවට කැඳවා ඇති අතර 2022.10.21 වැනි දින පැවති කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය එහිදී පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබන 27 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා ඇත්තේ ලබන 28 වැනිදායි. මේ අතර වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වැනි දින කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට අපේක්ෂිතයි.