32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසංක්‍රාන්ති ලිංගික රූ රැජින අනු ශූරතාව හිමාලියානු තරුණියකට

සංක්‍රාන්ති ලිංගික රූ රැජින අනු ශූරතාව හිමාලියානු තරුණියකට

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සිටින සංක්‍රාන්ති ලිංගික තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන ‘මිස් ට්‍රාන්ස් ක්වීන් ඉන්ඩියා’ රූ රැජින තරඟයෙන් අනුශූරතාවය දිනා ගැනීමට හිමාලයේ සංක්‍රාන්ති ලිංගික තරුණියක් සමත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිමාල කඳුවැටියට ආසන්නයේ පිහිටි පැරණිතම ගම්මානයක් වන පාසිගට්හි සංක්‍රාන්ති ලිංගික තරුණියක් මෙම කිරුළ ජයග්‍රහණය කර ඇති බවයි.

වික්ටෝරියා ටේන් නැමැති 19 හැවිරිදි මෙම සංක්‍රාන්තික ලිංගික තරුණිය ලැබූ මෙම ජයග්‍රහණය පාසිගට්හි සංක්‍රාන්ති ලිංගික තරුණියක් විසින් රූ රැජින තරඟයක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.