― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහිටපු නීතිපති TIDයට නොපැමිණෙයි

හිටපු නීතිපති TIDයට නොපැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම්දීමක් සිදු කර තිබූ නමුත් ඔහු අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට නොපැමිණ තිබේ.

ඒ අනුව ඔහුගේ නීතිඥවරයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.