30.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණමඩුවේ අලුත් OICට සනත් නිශාන්තගේ විරෝධය

ආණමඩුවේ අලුත් OICට සනත් නිශාන්තගේ විරෝධය

ආනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. ආර්. අබේනායක පත් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව සහ විරෝධය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමු කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. ඔහු මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී විවිධ පුද්ගලයින් යොදවා කුකුළන් කෙටවීම, බූරු ගැසීම, දැව ජාවාරම් සිදුකිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ආදී ජනතා විරෝධී කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ජනතාව විසින් පොලිස්පතිවරයාට එවකට කරනු ලැබූ පැමිණිලිවලට අදාළව කරනු ලැබූ විභාගයේදී වැරදිකරුවකු බවට පත්වූ දූෂිත නිළධාරියෙක් බව රාජ්‍ය අමාත්‍යවරයා යොමු කළ ලිපියේ දැක්වෙනවා.

අදාළ පත් කිරීම බරපතල ගැටළුවක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර එම පත් කිරීම වහාම අත්හිටුවීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.