30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජනප්‍රිය කොරියානු ගායකයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

ජනප්‍රිය කොරියානු ගායකයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ ජනප්‍රිය පොප් ගායක සහ රංගන ශිල්පියෙකු වන මූන් බින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

25 හැවිරිදි Moonbin සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී මියගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ. ජනප්‍රිය ගායකයාගේ කළමනාකරු බදාදා රාත්‍රී කළ සොයා බැලීමකදී ඊට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් කළ සොයා බැලීමකදියි මරණය සම්බන්ධයෙන් අනාවරණ වී ඇත්තේ.

ඔහු සියදිවි නසාගෙන ඇති බව පෙනෙන්නට තිබුණ ද මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණය සිදු කළ යුතු බවටයි දකුණු කොරියා පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

Moonbin, පොප් සංගීත කණ්ඩායමක් වන ඇස්ට්‍රො වෙත 2016 වසරේ සම්බන්ධ වීමට පෙර නළුවෙකු සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා. ඔහුගේ සොහොයුරිය වන මූන් සුවා ද ගායිකාවක් ලෙසටයි ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ.