27.8 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යකර්ම නවතයි

ජාතික අක්ෂි රෝහලේ සියලු ශල්‍යකර්ම නවතයි

ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ (19) සිට දින නියමයක් නොමැතිව නතර කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් පැවසීය.

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශල්‍යාගාරය තුළ විෂබීජයක් පැතිරීම හේතුවෙන් එහි සිදු කෙරෙන ශල්‍යකර්ම මෙලෙස නතර කිරීමට පියවර ගත් බවයි.

ශල්‍යාගාරය තුළ පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.