25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාදිවෙල මන්ත්‍රි නිවාසවල කුලිය ඉහළ දැමීමට යෝජනාවක්

මාදිවෙල මන්ත්‍රි නිවාසවල කුලිය ඉහළ දැමීමට යෝජනාවක්

මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස සංකීර්ණයේ රුපියල් දහසක් වන මාසික කුලී ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාව මැයි මස මුලදී පැවැත්වෙන පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මීට අමතරව මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසු නිවාසවලින් ඉවත් නොවන මන්ත්‍රීවරුන්ගෙන් අය කෙරෙන රුපියල් පන්සියයක දෛනික දඩය වැඩි කිරීමද මෙම යෝජනාවට අයත් වන බවයි වාර්තා වන්නේ.

මෙම ගාස්තු විසි වසරකින් පමණ සංශෝධනය කර නොමැති අතර මෙම කුලී ගාස්තු සහ දඩ මුදල් වැඩි කළ යුතු බවට ගෘහ්‍ය කාරක සභාවට වරින් වර ඉදිරිපත් කෙරෙන යෝජනා මේ දක්වා අනුමත කර නොමැත.