30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldධවල මන්දිරයේ ආරක්ෂක වැටෙන් පැන්න දරුවා

ධවල මන්දිරයේ ආරක්ෂක වැටෙන් පැන්න දරුවා

ධවල මන්දිරය වටා ඇති යකඩ වැටවල් තුළින් රිංගා එම භූමියට ඇතුළු වූ කුඩා දරුවෙකු එක්සත් ජනපද රහස් සේවයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ආරක්ෂක වැටෙහි කණු දෙකක් අතර පවතින අඟල් පහමාරක් පමණ වන පටු ස්ථානයකින් දරුවා ධවල මන්දිරයේ භූමි සීමාව වෙත ඇතුළු වී ඇති බවයි.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින අමෙරිකානු රහස් සේවා පොලිසියේ නිලධාරින් දරුවා ඔහුගේ මව්පියන් වෙත භාර දී තිබෙනවා. එම නිලධාරියෙකු ධවල මන්දිර භූමියේ සිට දරුවා ඔසවා ගෙන පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ධවල මන්දිරය තුළ සිට ඇති බවයි. මෙම සිද්ධියෙන් පසු ධවල මන්දිරයට ප්‍රවේශය තාවකාලිකව සීමා කර තිබෙනවා.

දරුවා මෙලෙස ධවල මන්දිර භූමියට ඇතුළු වීම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් ආරක්ෂක අංශ නිලධාරීන් කෙටි වේලාවක් ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ. මන්දිරය වටා ඩොලර් මිලියන 64ක් වැය කරමින් මෑතකදී ඉදි කරනු ලැබූ වැටේ උස අඩි 13ක් (මීටර් 3.9) වනවා.

එය ධවල මන්දිරයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සිදු වූ අතර එය පෙර පැවති උස මෙන් දළ වශයෙන් දෙගුණයක්. 2014 වසරේ දී ද තවත් කුඩා දරුවෙකු මෙලෙස අනාරාධිත ලෙස ධවල මන්දිර භූමියට රිංගා තිබුණා.