31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබණ්ඩි පොහොර මිල පහළට

බණ්ඩි පොහොර මිල පහළට

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මේ වනවිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන අතර එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේදී ගනු ලබන බවයි අමාත්‍යවරයා පවසන්නේ.