27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරෝයින් මත්කුඩු, ජාවාරම් මුදල් , ජංගම දුරකථන සහ යතුරුපැදියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

හෙරෝයින් මත්කුඩු, ජාවාරම් මුදල් , ජංගම දුරකථන සහ යතුරුපැදියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරෝයින් මත්කුඩු , ජාවාරම් මුදල් රුපියල් හාරලක්ෂ අනූ දෙදහසක් ජංගම දුරකථනයක් සහ යතුරුපැදියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන , පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයකුයි.

සැකකරු කොළඹ දෙස සිට කළුතර දෙසට මත්කුඩු රැගෙන ගමන් කරන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත කළුතර උතුර ප්‍රදේශයේ දී ස්කූටි වර්ගයේ යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදි සගවා තිබූ හෙරෝයින් මත්කුඩු ග්රැම් 10 යි මිලිග්රැම් 30 ක් සහ ජාවාරම් මුදල් හාරලක්ෂ අනූ දෙදහසක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන සහ යතුරුපැදිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.