31.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඹු සැමි ආරවුලකින් නිවසක් ගිනි බත් වෙයි

අඹු සැමි ආරවුලකින් නිවසක් ගිනි බත් වෙයි

අඹු සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිනි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

එප්පාවල කැලේසියඹලෑව, අංක 03 ගම්මානයේ නිවසක් මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇති බව සඳහන්.

සාලය, නිදන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස අද පස්වරු 5ට පමණ මෙලෙස ගිණි ගෙන විනාශ වී තිබෙනවා.

ගින්නෙන් නිවසේ සාලයේ තිබූ අල්මාරියක් ඇතුළු විදුලි උපකරණ ද විනාශ වී ඇති අතර නිවසේ වහලය ද කඩා වැටී ඇතැයි සඳහන්.

අදාළ නිවසේ සැමියා හා බිරිඳ පස්වරුවේ ඇති කරගත් ආරවුලකින් පසු මෙලෙස නිවසට ගිනි තැබීමට සැකකාර සැමියා කටයුතු කර ඇති අතර, ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

බීමත් සැමියා විසින් පෙට්‍රල් දමා නිවස ගිනි තබා ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දැමීමට එප්පාවල පොලිසිය කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන් විනාශ වී තිබූ බවයි එප්පාවල පොලිසිය ප්‍රකාශ කළේ.