26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉපනැල්ලට ගිනි තබන්න ගිය පුද්ගලයා හදිසියේම ජීවිතක්ෂයට

ඉපනැල්ලට ගිනි තබන්න ගිය පුද්ගලයා හදිසියේම ජීවිතක්ෂයට

තම කුඹුරේ ඉපනැල්ලට ගිනි තැබීමට ගිය පුද්ගලයෙක් හදිසියේම ජීවිතක්ෂයට පත් වූ පුවතක් අම්බලන්තොට, ලුනම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

කුඹුරේ ඉපනැල්ලට ගිනි තබා ඇති මෙම පුද්ගලයා ගින්න පැතිරීම වේගවත් වීමත් සමඟ එය නිවා දැමීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ දී අධික දුම් තත්ත්වයත් ගින්දරත් හේතුවෙන් මෙම පුද්ගලයා කුඹුරේ ඇද වැටී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු සම්බන්ධයෙන් නිවැසියන් පැමිණ සිදුකළ සෝදිසියක දී ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය දැනුවත්කර ඇති අතර, එම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.