26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (21) දිනයේ දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හා මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල අද (21) දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.

උණුසුම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔබ එළිමහනේ කටයුතු කරන අයෙක් නම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

ඊට අමතරව සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට ද එළිමහනේ කටයුතු කරන පුද්ගලයින් කටයුතු කළ යුතු අතර ඔබ වැඩ බිම් තුළ සිටින අයෙක් නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.

නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ රඳවා නොයන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දෙනු ලබයි.