29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අත්අඩංගුවට

දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අත්අඩංගුවට

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙමටගොඩ චමින්දගේ’ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් 58 හැවිරිදි වියේ පසුවන අතර මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් සොයාගෙන ඇත.

සැකකරු සහ හෙරොයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.