― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයුරෝපා සංගමයෙන් යුරියා පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීම හෙට

යුරෝපා සංගමයෙන් යුරියා පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීම හෙට

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම හෙට (22) දින සිදු කරනු ලබයි.

එම යුරියා පොහොර හා කෘෂි උපකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් භාරදීම හම්බන්තොට බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී සිදු කෙරේ.

මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා හඳුන්වා දී ඇති පැරචුට් වී වගා ක්‍රමය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පැරචුට් තැටි, හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ බීජ වී ගොවි ජනතාවට ලබා දීමට අවශ්‍ය සහයෝගය යුරෝපා සංගමය විසින් පළ කර තිබීම මෙන්ම එම උපකරණ ලබා දීම ඉතා වැදගත් කටයුත්තක් යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මීට අමතරව පොලොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් බාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීම ද සිදු කෙරේ.

අප රටේ උසස් තත්ත්වයේ බීජ වී සැකසීමේ නව තාක්ෂණික ක්‍රම හා ඒවාට අවශ්‍ය උපාංග ලබා දීම ද සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, යුරෝපා සංගමයේ මෙරට තානාපති Dennis Chaibi, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.