― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාවක්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31ක නියෝජිතයන් සමග ඊයේ (20) සවස සාකච්ඡාවක් පැවැත්වූ ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජිත රජයේ ප්‍රතිපත්තිය, මාර්ග සැලසුම සහ කාල රාමුව පිළිබඳව දැනුවත් කළ බවයි.

එම ක්‍රියාවලියේදී සිදු කිරීමේදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීම, ජනන සමාගම් සහ බෙදා හැරීමේ සමාගම් ලෙස පරිවර්තනය, මානව සම්පත් කළමනාකරණය, සේවක අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් පිළිබඳව අනුගමනය කරන ක්‍රියාවලිය, අතිරික්ත සේවකයන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාවලිය, කළමනාකරණ ව්‍යුහය සහ සැලසුම සහ යෝජිත ප්‍රතිව්‍යුහගත කාර්යාංශය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.