26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතු කම්කරුවන්ගේ වැටුප් ක්‍රමයේ වෙනසක්

වතු කම්කරුවන්ගේ වැටුප් ක්‍රමයේ වෙනසක්

වතු කම්කරුවන්ට දෛනිකව නෙලන තේ දළු ප්‍රමාණය මත ඔවුන්ට වැටුප් ලබාදීම හෙවත් ‘ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය’ ක්‍රියාත්මක කළහොත් කම්කරුවෙකුට දිනකට රුපියල් 3000ක වැටුපක් ලබාගත හැකි බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රෝෂාන් රාජදුරෙයි සඳහන් කළේ ඒ අනුව වතුකම්කරුවකුට දෛනිකව නොලන දළු ප්‍රමාණය වැඩි කරගන්නේ නම් ඔවුන්ට මාසයකට රුපියල් 50,000 ඉක්මවූ වැටුපක් ලබාගත හැකි බවයි.

මේ වනවිට වතු කම්කරුවක්ට ලැබෙන්නේ දිනකට රුපියල් 1000ක වැටුපක් වන අතර එය කිසිසේත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන ඵලදායීතාවය මත පදනම් වූ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජයත් වතු වෘත්තීය සමිතිත් සහාය ලබාදිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.