25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳුදත් නාවොත් දප්පුලට නීති තද වෙයි

සඳුදත් නාවොත් දප්පුලට නීති තද වෙයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව අද (20) දිනයේදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන්නද ඔහු පැමිණ තිබුණේ නැති බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවසයි.

ඒ අනුව ලබන සඳුදා (24) අනිවාර්යයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී ඇති අතර අදාළ දිනයට නොපැමිණිය හොත් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

ලිපියක් මගින් හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබුණේ වත්මන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් අද දිනයේ එහි නොපැමිණි බවයි.