26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට

මේ වසරේ මුල් මාස දෙකේ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ 2022 දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙස වාර්තා වූ අතර මේ වසරේ ජනවාරි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,942,272ක්.

මේ අතර පෙබරවාරි මාසය වන විට 1,940,872 ක් දක්වාත් තවත් පහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය මම වසරේ ජනවාරී අවසන් වන විට රුපියල් මිලියන එක් ලක්ෂ 42,061ක් දක්වාත්, පෙබරවාරි අවසානයේ රුපියල් මිලියන 141,001 ක් දක්වා අඩුවී ඇති බවයි මහ බැංකු සඳහන් කළේ.