24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර පාසල් සිසුවෙක් වෙඩි තබාගෙන මිය යයි

බාලවයස්කාර පාසල් සිසුවෙක් වෙඩි තබාගෙන මිය යයි

බණ්ඩාරදූව, මයාදුන්න ප්‍රදේශයේ දී වෙඩි තබාගෙන පාසල් සිසුවෙක් මියගිය පුවතක් වාර්තා වනවා.

ඊයේ (21) සවස් කාලයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිය නිවස පිටුපස මඩුවක් තුළ දී බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම සිසුවා මෙලෙස වෙඩි තබාගෙන ඇති අතර, වෙඩි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිසුවා එලෙස රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

15 හැවිරිදි වියේ පසුවූ මෙම සිසුවා පාසල් නිම වී නිවසට පැමිණි පසු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිසුවාගේ මෘත ශරීරය මේ වනවිට අම්පාර රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.