26.7 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිය පැහැරගත් සැමියා අත්අඩංගුවට

බිරිය පැහැරගත් සැමියා අත්අඩංගුවට

හලාවත මානුවන්ගම ප්‍රදේශයෙදී පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සමග ඇය පැහැර ගැනිමට සිදු කළ සැමියා 22 දින හලාවත පොලිසියට බාර වු බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

පසුගිය 19 දින සැමියා විසින් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි විවාහක තරුණ කාන්තාව මෙසේ ඇගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයෙ 21 හැවිරිදි සැමියා  හලාවත පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඒ සමගම අදාල සැකකරු පොලිසිය අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය කියයි.

අදාල සිද්දිය හලාවත පොලිසියට 18 හැවිරිදි තරුණ කාන්තාවගෙ මව්පියන් විසින් පැමිණිලි කිරීමෙන් පසුව හලාවත මුලස්ථාන පොලිසියේ පොලිස් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.

එසේ පොලිස් කණ්ඩායම දඹුල්ල ප්‍රදේශයට ගියද සැකකාර සැමියා හා පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාව සොයා ගැනිමට නොමැති විම හේතුවෙන් සැකකරුගේ ඥාතියකු පොලිස් බාරයට ගෙන තිබුණි.