― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමරදන්ඩවල නිවසක් තුළ මළ සිරුරක්

මරදන්ඩවල නිවසක් තුළ මළ සිරුරක්

මරදන්ඩවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියක දී අදාළ නිවස තුළ නරක් වී තිබූ මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස නිවස තුළ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ නුවර පාර, මරදන්කඩවල ලිපිනයේ පදිංචි වයස අවු 65 ක් වන සින්නදොරේ යෝගරාසා නැමැති අවිවාහක පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයා දින කිහිපයක සිට එම නිවසේ තනිව ජීවත්ව සිටිය දී මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය සැකපළ කරනවා.

මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, මෙම මරණය ඝාතනයක්ද, සියදිවිනසා ගැනීමක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම සිරුර අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.