33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක්...

හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් නොමිලේ

දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට මෙවර යළ කන්නයේ යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ යටතේ පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රතිලාභ ලබන ගොවි පවුල් සංඛ්‍යාව 71000කි.

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත එම පොහොර ලබා දෙන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෘෂි උපකරණ කට්ටලද මේ යටතේ මෙරට ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිතයි.

රුපියල් මිලියන 15,000ක් වටිනා එම යූරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල අද කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම සිදු කෙරේ.

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊට සහභාගි වෙයි.