― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsගලෙන්බිඳුණුවැව හොර දොස්තර මාට්ටු

ගලෙන්බිඳුණුවැව හොර දොස්තර මාට්ටු

ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාජ වෛද්‍යවරයා ඔහුගේ නිවසේදී ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.

පොලීසිය, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මෙමක් පුද්ගලයා ලියාපදිංචි වෛද්‍ය සහතිකයක් නොමැතිව වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදී ඇති බවයි.

මොහුගේ නිවසේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නිවස තුළ නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඖෂධ තොගයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ ඖෂධ තොගය, ඖෂධ පරීක්ෂක නිලධාරීන් විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මැයි 19 වනදා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.