31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදේවගැතිවරයා උපදෙස් මත නිරාහාරව මියගිය පුද්ගලයින් 21 දෙනෙකුගේ සිරුරු කෙන්යාවෙන් හමුවෙයි

දේවගැතිවරයා උපදෙස් මත නිරාහාරව මියගිය පුද්ගලයින් 21 දෙනෙකුගේ සිරුරු කෙන්යාවෙන් හමුවෙයි

කෙන්යානු පොලිසිය කුසගින්නේ මියගිය පුද්ගලයින් 21 දෙනෙකු වළ දමා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගිය පිරිස් අතර ළමයින් ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙන්යාවේ සහොලා වනාන්තරයේ නොගැඹුරු සොහොන්වල වළදමා ඇති කවත් 58කගේ පමණ සිරුරු ගොඩගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කුසගින්නේ සිටීමෙන් යේසුස් වහන්සේ වෙත යාමට හැකිවන බවට දේවගැතිවරයෙකු ලබාදුන් උපදෙස් පිළිපැදිම හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු විසින් ගම් තුනක් නාසරෙත්, බෙත්ලෙහෙම් සහ ජුදා ලෙස නම් කර එහි අනුගාමිකයන් පොකුණුවල බෞතීස්ම කර නිරාහාරව සිටීමට උපදෙස් ලබා දී තිබූ බවටයි වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණ වී තිබුණේ.

මේ වන විට එම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ සිටි තවත් පුද්ගලයින් 15 දෙනෙකු ද බේරාගෙන තිබෙනවා.