23.4 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුඩානයේ අවතැන් වූ විදේශිකයින් මුදා ගැනීමේ කටයුතු ඇරඹේ

සුඩානයේ අවතැන් වූ විදේශිකයින් මුදා ගැනීමේ කටයුතු ඇරඹේ

සුඩාන ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින විදේශිකයින් මුදා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව සෞදි අරාබිය සිය පුරවැසියන් ඉවත් කිරීම පළමුවෙන් ආරම්භ කළ බවයි.

සුඩාන සන්නද්ධ හමුදා සහ අතුරු හමුදා යන දෙපිරිසම විදේශීය ජාතිකයන් ඉවත් කිරීමට සහය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක් සුඩානයේ රැඳී  සිටින තම පුරවැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් වේ.

සුඩානයේ රැඳී සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වේ.