29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිළිඳු පවුල්වලට රුපියල් 15,000ක දීමනාවක්

දිළිඳු පවුල්වලට රුපියල් 15,000ක දීමනාවක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය සිකුරාදා (21) මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අත්සනින් යුතුව මේ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ 4ක් හඳුනාගෙන තිබෙන අතර සංක්‍රාන්ති, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු වශයෙන් එම කාණ්ඩ නම් කර තිබේ.

එහිදී සංක්‍රාන්ති කාණ්ඩයේ පවුල් ඒකකයක් වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දක්වා මාසිකව රු. 2,500 ක දීමනාවක් සහ අවදානමට ලක් වූ පවුල් ඒකකයක් වෙනුවෙන් 2024 මාර්තු 31 දක්වා රු. 5,000 ක දීමනාවක් ලබා දීමට නියමිතය.

මේ අතර 2023 ජූලි 01 සිට වසර 3 ක කාලයක් වෙනුවෙන් දුප්පත් කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 8,500 ක දීමනාවක් ද, අන්ත දිළිඳු කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 15,000 ක දීමනාවක් ද ගෙවනු ලබන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.