28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු නීතිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු නීතිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම සහ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු නියෝග නිකුත් කළා.

හිටපු නිතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබුවා.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරනය මෙම අතුරු නියෝග නිකුත් කළා.