අභියාචනාධිකරණය විසින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ගාලුමුවදොර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කිරීම වළක්වාලමිනුයි ඔහුට විරුද්ධව මෙලෙස අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ.
2022 වසරේ අප්‍රේල් 09 වැනිදා මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට මැර ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ක්‍රියාකලාපය ගැන නීතිපති උපදෙස් පරිදි සිදු කළ මූලික විමර්ශනයන් අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.