29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලෝක පාසැල් චෙස් තරගාවලියේ රන් පදක්කම දිනූ තෙහස් දිවයිනට

ලෝක පාසැල් චෙස් තරගාවලියේ රන් පදක්කම දිනූ තෙහස් දිවයිනට

රීසියේ රෝඩ්ස් නුවර පැවති ලෝක පාසැල් චෙස් තරගාවලිය – 2023 සදහා වයස අවුරුදු 09 න් පහළ අංශයෙන් තරඟ කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරින්ගොඩ සිසුවා , එම අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ රන් පදක්කම සහ එයට හිමි කුසලානය රැගෙන 04/24 දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා රටවල් 24 ක ක්‍රීඩකයන් 61 දෙනෙකු සහභාගී වී තිබු බවයි වාර්තා වන්නේ.

ඔහු තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් 04/24 දින පස්වරු 02.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු පිළිගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග , ශ්‍රී ලංකා පාසැල් චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග , කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත ඇතුළු එම පාසැලේ දෙමාපියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

තෙහස් කිරින්ගොඩ සිසුවා මාධ්‍යයට අදහස් දක්වමින් තමන් ඉදිරියේදී ග්‍රෑන්ඩ් මාස්ටර් (Grand Master) තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අපේක්ෂා කරන බව පවසා තිබෙනවා.