ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන Portofino නගර බලධාරීන් විසින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමටයි එම බලධාරීන් තීරණය කර ඇත්තේ.
ඔවුන් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මාර්ග තබදයයි.
සංචාරකයින් සෙල්ෆි සේයා රූ ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බව ඔවුන් පවසනවා.