― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසනවා.

සැකකරු සතුව තිබූ මන්නය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පුද්ගලයකු මන්නා පිහියක් රැගෙන කලහකාරි ලෙස හැසිරෙන බවට දිවා මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ලද තොරතුරු අනුව වැලිපැන්න, නුග ගහ ලන්ද , බිෆ් වත්ත ප්‍රදේශයට ගොස් තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු පරුෂ වචනයෙන් බැන වදිමින් කලහකාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ට අත දරා සිටි මන්නෙන් පහරදීමට තැත් කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා 119 දිවා රාජකාරියේ යෙදුණු පොලිස් සැරයන්වරයකු ද එම ස්ථානයට ගෙන්වා ගෙන ඔහුගේ ද සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයකු සමග ආරවුලක් හටගෙන එම පුද්ගලයා විසින් සැකකරුගේ කන සපා කා බරපතළ තුවාල සිදුකර තිබූ අතර ඊට උරනව සැකකරු මන්නයක් රැගෙන එම පුද්ගලයා සමඟ ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක පුද්ගලයෙක්.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.