27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැයි 1 සිට මිලියන 200කට වැඩි ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ක්‍රමයට

මැයි 1 සිට මිලියන 200කට වැඩි ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ක්‍රමයට

මැයි මස පළමුවැනිදා සිට රුපියල් මිලියන 200කට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව 2025 වර්ෂය වන විට සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය ඔස්සේ පමණක් සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම වැඩසටහන හරහා ඉදිරියේදී නාස්තියෙන් හා දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැංවීම හැකි වන බවද අමාත්‍යවරයා පැවැසීය.