කැනඩාවේ පදිංචි අයෙකු විසින් මෙරට පුද්ගලයෙකුට එවන ලද කුෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් පමණ බරකින් යුත් පාර්සල් 24ක් සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කාගෝ ආයතනයක් හරහා මෙරටට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.
ලී පෙට්ටි දෙකේ ව්‍යාජ පතුල් දෙකක ඉතා සූක්ෂම ලෙස මෙම කුෂ් නැමති මත්ද්‍රව්‍ය තොගය සඟවා ඒවා තිබෙනවා. ඊයේ (24) දිනයේ කැනඩාවේ පදිංචි ද්‍රවිඩ ජාතිකයකු විසින් යාපනයේ පදිංචි තවත් දමිළ ජාතිකයකු වෙත අදාළ භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙක ඒවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එලෙස එවන ලද මත්ද්‍රව්‍ය ද සඟවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙකු ඉදිරිපත් වී තිබූ බවයි වාර්තා වුණේ. මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ එම පුද්ගලයා ද රේගු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84ක් පමණ වනවා.



